එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබෙන විස්සයි 20 කාන්තා ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාලසටහන ICCය විසින් ඊයේ (26) පස්වරුවේ ප්‍රකාශයට පත් කර තිබේ.
ශ්‍රී ලංකාව ඇතුළුව කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වෙන අතර, මෙහි මූලික වටය තරග A හා B ලෙස කාණ්ඩ දෙකකින් සමන්විතය.
A කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්ථානය හා ශ්‍රී ලංකාව තරග වදින අතර, B කාණ්ඩය යටතේ දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය හා ස්කොට්ලන්තය තරගවදිනු ඇති.
තරගාවලිය ඔක්තෝබර් මස 03 වෙනිදා ආරම්භ වන අතර, ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය පාකිස්තානය සමඟින් එදින පැවැත්වේ.