රට බංකොලොත්භාවයෙන් ගොඩගැනීමට හැකියාව ඇත්තේ සිය පක්ෂයට පමණක් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී ජනතාව ඒ පිළිබඳ සැලකිල්ලට ගනිමින් තීරණය ගනු ඇති බව ඔහු කියා සිටියේය.
මේ දිනවල වවුනියාවේ පුවක් මිල ඉහල යාමත් සමගම බුලත් විටක මිලද රුපියල් 150ක් දක්වා ඉහළ ගොස් තිබේ. රුපියල් හතරට තිබූ සාමාන්‍ය පුවක් ගෙඩියක් රුපියල් 30ක් දක්වාද මධ්‍යම ප්‍රමාණයේ පුවක් ගෙඩියක් රුපියල් 40ක් දක්වාද ඉහළ ගොස් ඇති අතර, ලොකු ප්‍රමාණයේ…
T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නවසීලන්තය සමත් වුණි.ඒ ලකුණු 32කින් දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමිනි. ඒ අනුව කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්තය ජයග්‍රහණය කළ පළමු ලෝක කුසලානය ලෙස මෙය වාර්තා අතරට එක් වේ. අවසන් මහා තරගයේ කාසියේ…
ලෙබනනයේ අගනුවර වන බෙරූට් ඇතුළුව නගර 25කට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබේ. හිස්බුල්ලා සංවිධානයට ආධාර අනුබල ලබාදෙන බැංකු ඇතුළු මුල්‍ය ආයතන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවට ඔවුන් සදහන් කළේය. ඊශ්‍රායලය ප්‍රහාරය එල්ල කරන බවට…
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දේශපාලන ගුවන් ප්‍රචාර සඳහා කාලය වෙන් කිරීමේ කුසපත් ඇදීමට පියවර ගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, නාම යෝජනා පත්‍රයක් භාරදී ඇති සෑම පිළිගත් දේශපාලන පක්ෂයකටම හෝ ස්වාධීන කණ්ඩායමකටම…
පාස්කු ප්‍රහාරය පිළිබඳව සාධාරණ පරීක්ෂණ සිදු කර රටේ ජනතාවට ඇත්ත හෙලිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා උපදෙස් ලබාදී ඇති බවද ඒ මහතා…
ලබන මස පළමු වනදායින් පසු එළවළු මිලෙහි ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසයි. එහි පර්යේෂණ නිලධාරී දුමින්ද ප්‍රියදර්ශන මහතා කියා සිටියේ එම කාලය තුළ අස්වනු කාලසීමාවක් නොවන බැවින් මෙලෙස…
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් උතුරු ගාසා තීරයේ සරණාගත කඳවුරක කාන්තාවන් 21 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 33 දෙනෙකු මිය ගොස් තිබේ. සති ගනනාවක් තිස්සේ ජබාලියා සරණාගත කඳවුර ඉලක්ක කරමින් ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාර වැඩි කර තිබුණි. හමාස් නායක යාහ්යා සින්වාර් මේ…
රජය විසින් භාණ්ඩ වර්ග 5ක් සඳහා අළුතින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනවා ඇති බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව මුදල් ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. එමඟින් සඳහන් කර ඇත්තේ, 2023…
වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බව මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. වාහන ආදායම් බලපත්‍ර…