මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට විදෙස් සංචාරකයින් 1,776,889 දෙනෙකු පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අතුරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 357,279කි. මීට අමතරව වැඩිම සංචාරකයින් පැමිණි රටවල් අතරට රුසියාව, ජර්මනිය,…
මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ වෙනසක් සිදුව තිබේ. ඒ අනුව එහි ගැනුම් මිල රුපියල් 286.7471ක් ලෙස සටහන් වන අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 295.7679ක් ලෙසයි.
2024 ඔක්තෝබර් මාසය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 587.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව ජනවාරි සිට ඔක්තෝබර් මස දක්වා ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,431.54කි. එය පසුගිය 2023 වසරේ ජනවාරි…
මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව, මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට හෙට්ටිවීදිය ප්‍රදේශයේ කැරට් 24 රත්රන්…
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු මිල ඊයේ (25) දිනයේදී අඩුවීමක් දක්නට ලැබුණු බව වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ දිනයේ මාළු තොග මිල ගත්කළ තලපත් කිලෝවක් රුපියල් 1500ක් ද, කෙළවල්ලා කිලෝවක් රුපියල් 1300ක් ද, පරව් කිලෝවක් රුපියල් 1200ක්…
මේ දිනවල වවුනියාවේ පුවක් මිල ඉහල යාමත් සමගම බුලත් විටක මිලද රුපියල් 150ක් දක්වා ඉහළ ගොස් තිබේ. රුපියල් හතරට තිබූ සාමාන්‍ය පුවක් ගෙඩියක් රුපියල් 30ක් දක්වාද මධ්‍යම ප්‍රමාණයේ පුවක් ගෙඩියක් රුපියල් 40ක් දක්වාද ඉහළ ගොස් ඇති අතර, ලොකු ප්‍රමාණයේ…
ලබන මස පළමු වනදායින් පසු එළවළු මිලෙහි ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසයි. එහි පර්යේෂණ නිලධාරී දුමින්ද ප්‍රියදර්ශන මහතා කියා සිටියේ එම කාලය තුළ අස්වනු කාලසීමාවක් නොවන බැවින් මෙලෙස…
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ තවදුරටත් ඩොලරයකට වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 78 යි ශත 29 ලෙස සටහන වන අතර, එහි මිල ඉහළ යාම සියයට 2 යි දශම 2.3 ක් ලෙස සටහන්…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී සිදු ව තිබේ. පසුගිය ජනාධිපතිවරණයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් සිය හෘදයාංගම සුබපැතුම් පළ කළ ඉන්දීය මහකොමසාරිස්වරයා…
පසුගිය මාසයේදී ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අතිප්‍රමාණ වී ඇති බව මහ බැංකුව පවසයි. මේ අනූව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 7.9කින් අතිප්‍රමාණ වී ඇති බව මහ බැංකුව නිවේදනය කළේය. එමෙන්ම යූරෝ, ස්ටර්ලිං පවුම, චීන යුවාන්, ජපන් යෙන්…