ජෝර්ජියාවේ උසස් පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් සිව්දෙනෙකු මිය ගොස් 9 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඒ අනූව වෙඩි තැබීමෙන් සිසුන් දෙදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු මියගොස් ඇති බව සඳහන්. එම වෙඩි තැබීම සම්බන්ධයෙන් 14…
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ඔවුන් නිවේදනය කරන්නේ, මේ වනවිට පැමිණිලි 2095ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවයි.
ශ්‍රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සර දිනය අදට යෙදී තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ඊට සමගාමීව සර්ව ආගමික වතාවත් සහ සමාජ ක්‍රියාකාරකම් මාලාවක් ක්‍රියාත්මක වන බවයි.
2024 ජනාධිපතිවරණය සදහා සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අද සිය උපායමාර්ගික සැලැස්ම ජනගත කළේය. ඒ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හෝටලයකදීය. එහිදී සර්වජන බලය නියෝජනය කරන පක්ෂ නායකයින් ඩිජිටල් සන්නස මත දෑත තැබීමෙන් පසු උපාය මාර්ගික සැලැස්ම ජනගත කෙරුණි. එය…
තායිලන්තයේ උමං මාර්ගයක දින 05ක් පුරා සිරව සිටි විදෙස් ජාතික කම්කරුවන් තිදෙනා මියගොස් තිබේ. ඒ, ඔවුන් මුදාගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතුරතුරදීය. පාක් චොන්ග් ප්‍රදේශයේ ඉදිවන තායිලන්ත – චීන අධිවේගී උමං දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නිරත වෙමින් සිටියදී…
නීති විරෝධී මැතිවරණ පොස්ටර් හා කටවුට් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1500 ක් බඳවා ගත් බව පොලීසිය පවසයි. මැතිවරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා සඳහන් කළේ, දීප ව්‍යාප්තව නීති විරෝධී මැතිවරණ ප්රචාරක කටයුතු පාලනයට අවශ්‍ය පියවර ගනිමින්…
ගාසාහි දරුවන්ට පෝලියෝ එන්නත ලබාදීම සඳහා සටන් විරාම මාලාවකට ඊශ්‍රායලය එකඟ වී තිබේ. ලබන 01 වැනිදා එම එන්නත්කරණ කටයුතු ආරම්භ කෙරෙන අතර, එය අදියර තුනකින් සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පැවසීය. ඒ අනූව වයස අවුරුදු 10ට අඩු…
රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 05ක මිල ගණන් රුපියල් 4000කින් අඩු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනූව රාජ්‍ය පොහොර සමාගම මේ වනවිට තේ වගාව සඳහා යොදා ගන්නා T 200, T 750, U 709, U 834,…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබෙන විස්සයි 20 කාන්තා ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාලසටහන ICCය විසින් ඊයේ (26) පස්වරුවේ ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකාව ඇතුළුව කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වෙන අතර, මෙහි මූලික වටය…
2025 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් ප්‍රමාණය තවත් අඩු කිරීමට එරට රජය කටයුතු කර තිබේ. ඒ අනුව ලබන වසරේදී එරට විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් ගණන 270,000කට සීමා කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.…