අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබූ ආරක්ෂක කුටි මුළුමනින්ම ගලවා ඉවත් කර තිබෙනවා. කොළඹ මහ නගර සභාව විසින් බැකෝ යන්ත්‍ර යොදා මෙම මුරකුටි ගලවා සුන්බුන් ඉවත් කර ඇති බව වාර්තා වනවා. අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රියෙත් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලට තද වැසි ඇද හැලුණා. ගෙවුණු පැය 24 තුල වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ල එල්ස්ටන් ප්‍රදේශයෙන් වාර්තා වනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ වාර්තාව අනුව කැළණි ගඟ…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව පවසන ලෝක බැංකුව පෙන්වා දෙන්නේ මීට පෙර සිදු කල පුරෝකථනය අභිබවමින් මෙම වසරේදී ආර්ථිකය 4.4% දක්වා ළඟා වන බවයි. වසරකට දෙවතාවක් ලෝක බැංකුව නිකුත් කරන දකුණු ආසියා සංවර්ධන ඇගයුම අනාගතය සඳහා විවෘත…
බස්නාහිර පළාතේ සූකරයින් අතර පැතිර යන කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් පළාතෙන් පිට සූකරයින් සහ මස් ප්‍රවාහනය කිරීමෙන් වළකින ලෙසට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ගොවිපළවල් හිමියන්ගෙන් මෙන්ම මස් අලෙවි කරන්නන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මේ වන විට දඩුගම, රාගම, සහ…
පසුගිය ජනාධිවරණයේ දී සමගි ජන බලවේගය සමග ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම මෙවර මැතිවරණ ක්‍රියාවලිය තුලදී උල්ලංඝනය කර ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. මෙම තත්ත්වය මත තමන් හෝ තම පෙරමුණේ නියෝජිතයකු කිසිදු…
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අන්තර් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙවර මහ මැතිවරණයට දේශපාලන පක්ෂයක් ලෙස හෝ සන්ධාන ගතව තරග නොකරන බවයි. එමෙන්ම පසුගිය කාල සීමාව පුරා පාර්ලිමේන්තුව නියෝජනය කල ප්‍රධාන පෙලේ දේශපාලඥයින් රැසක් ද…
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි. ඒ, තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි. එහි…
2024 මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද මධ්‍යහන 12න් අවසන් වීමට නියමිතව තිබේ. ඊට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා පස්වරු 1:30 දක්වා කාලය ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 349ක් ඇප…
මෙවර මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අපේක්ෂා කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක වශයෙන් නාමල් රාජපක්ෂ ඉදිරියටත් පක්ෂය වෙනුවෙන් කටයුතු කරනු ඇති බව වාර්තා වේ…
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. බස්නාහිර, සබරගමුව, දකුණු සහ…