10වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන වේලාව සංශෝධනය කර තිබේ. ඒ අනුව නොවැම්බර් 21 දින පෙ.ව. 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිදු කරන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව ඊයේ …
අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් යුතුව හැසිරවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. අභිනව කැබිනට් මණ්ඩලය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, එම බලය ආරක්ෂා කරගැනීමට නව අමාත්‍යවරු නිරන්තරයෙන් කටයුතු කළ යුතු බවයි. දීර්ඝ කාලයක් දරන ලද…
අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කළේය. ඒ අනුව පළමුවෙන්ම අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුනි. ඒ අනුව නව අමාත්‍ය…
ස්පාඤ්ඤයේ වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඊසාන දිග ස්පාඤ්ඤයේ සරා ගෝසා නගරය ආසන්නයේ පිහිටා ඇති වැඩිහිටි නිවාසයක මෙම ගින්න හට ගෙන ඇත. ගින්නෙන් තුවාල ලැබූ විශාල පිරිසක් රෝහල් ගත…
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇතිබව වාර්තා වී තිබේ. කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාතික ජන බලවේගයෙන්ය. මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ජාතික ජන බලවේගයෙන් තේරීපත්ව ඇති කාන්තා නියෝජනයන් වන්නේආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය…
10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය එළඹෙන 21 වැනිදා පෙරවරු 10ට පැවැත්වීමට නියමිත බව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව සැප්තැම්බර් මස 24 වැනිදා මධ්‍යම…
රේගු නිලධාරීන් සිය රාජකාරීයට අදාළ කටයුතු පමණක් සිදු කිරීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. රේගු වෘත්තීය සමිති සන්ධානයේ සභාපති අමිල සංජීව මහතා ඊයේ (13)දින පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශකර සිටියේ ය . මේවන විට රට…
පාර්ලිමේන්තු මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 90,000කට අධික පිරිසක් යොදවා තිබේ. පොලීසිය සඳහන් කළේ, මෙවර මැතිවරණය නිරීක්ෂණය සඳහා පැය 24 පුරා ඩ්‍රෝන යානා යොදා ගන්නා බවයි. කොළඹ නගරයේ ස්ථාපිත ගණන් කිරීමේ මධ්‍යස්ථාන ද, ඩ්‍රෝන යානා මගින්…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කරගන්නා මහ මැතිවරණය අද (14) පෙරවරු 7:00ට ආරම්භ කෙරුණි. මෙවර මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888ක සංඛ්‍යාවක් තරග කරන අතර ඒ අතරින්, අපේක්ෂකයින් 5,006ක් පිළිගත් පක්ෂවලින් ඉදිරිපත් වී සිටියි. ස්වාධීන අපේක්ෂකයින් සංඛ්‍යාව 3, 346කි. ජාතික ලැයිස්තුවෙන්…
2024 මහ මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසයි 2024 මහ මැතිවරණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ(12) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව…