රුසියාවේ නව බැලස්ටික් මිසයිලයක් මගින් යුක්රේනයේ කියෙව් අගනුවර ප්‍රධාන මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තර්ජනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
යුක්රේනයේ බලශක්ති ජාලයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසුව රුසියා ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
ඇමෙරිකාව සැපයූ මිසයිල භාවිත කරමින් රුසියාවට එල්ල වන අඛණ්ඩ ප්‍රහාරවලට ප්රතිචාරයක්ලෙස රුසියා ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
රුසියාවේ ඕනෑම බැලැස්ටික් මිසයිලයකට තමන්ගේද දැඩි ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බව යුක්රේන ජනාධිපතිවරයා ද අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබේ.