අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කළේය.
ඒ අනුව පළමුවෙන්ම අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුනි.
ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය ,
01. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය – අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
02. විජිත හේරත් මහතා – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය
මහාචාර්ය චන්දන අබේරත්න මහතා – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
04. නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා – අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
05. සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය – කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
06. කේ.ඩී. ලාල්කාන්ත මහතා – කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය
07. අනුර කරුණාතිලක මහතා – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය
08. රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා – ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
09. මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්‍ය
10. සුනිල් හඳුන්නෙත්ති මහතා – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
11. ආනන්ද විජේපාල මහතා – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
බිමල් රත්නායක මහතා – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය
13. මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
14. වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
15. සමන්ත විද්‍යාරත්න මහතා – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
16. සුනිල් කුමාර ගමගේ මහතා – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
17. වසන්ත සමරසිංහ මහතා – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
18. මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
19. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා – කම්කරු අමාත්‍ය
20. ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා – බලශක්ති අමාත්‍ය
21. වෛද්‍ය ධම්මික පටබැඳි මහතා – පරිසර අමාත්‍ය