සාමකාමීව බලය හුවමාරු කිරීමට ඇමරිකා උප ජනාධිපති කමලා හැරිස් පොරොන්දු වී තිබේ. ඒ ජනාධිපතිවරණයෙන් ලද පරාජයත් සමගයි.
ඇමරිකා ජනාධිපතිවරණයෙන් උප ජනාධිපතිනි කමලා හැරිස් පරාජයට පත්වුණේ මැතිවරණ විද්‍යාල 270ක බලය තහවුරු කරගැනීමට අපොහොසත් වීම හේතුවෙනි.
කෙසේ වෙතත් උප ජනාධිපති කමලා හැරිස් ජනපතිවරණය ජයගත් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට සුබ පැතීමට කටයුතු කර තිබේ.
එහිදී ඇය සහතික වී ඇත්තේ සාමකාමී බල හුවමාරුවක නිරත වීමට තමා උපකාර වන බවයි.
එහෙත් ඇමරිකා ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ ජනවාරි 20වනදා ට්‍රම්ප් දිවුරුම් දෙන තුරු උප ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට කමලා හැරිස්ට සිදු වේ.