වායු දූෂණය ඉහළම මට්ටමකට ළඟා වීමත් සමඟ පාකිස්තානයේ ලාහෝරයේ පාසල් වසා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
පාකිස්තානයේ දෙවන විශාලතම නගරය වන ලාහෝර් නගරයේ වායු ගුණාත්මක තත්ත්වය ඊයේ හා පෙරේදා දිනවල වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බව බලධාරීන් පවසයි.
අද උදෑසනත් නගරය ඝන දුමාරයකින් වැසී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
දූෂිත වායූන් හා මීදුම හේතුවෙන් මිලියන 14ක පමණ නගර වැසියන් පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටින බවද සඳහන් වේ. ගුණාත්මක තත්ත්වයෙන් අඩු ඩීසල් භාවිතය / අස්වනු නෙලීමෙන් පසු ඉතුරුවන පිදුරු ගිනි තැබීම හා ශීත සෘතුවේ ආරම්භය නගරය තුළ දක්නට ඇති ඝන දුමාරය මීට හේතුවී තිබේ.