T20 කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නවසීලන්තය සමත් වුණි.ඒ ලකුණු 32කින් දකුණු අප්රිකාව පරාජයට පත් කරමිනි.
ඒ අනුව කාන්තා ක්රිකට් ඉතිහාසයේ නවසීලන්තය ජයග්රහණය කළ පළමු ලෝක කුසලානය ලෙස මෙය වාර්තා අතරට එක් වේ.
අවසන් මහා තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට දකුණු අප්රිකාව සමත් වූ අතර, ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි.
එහිදී පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 158ක් රැස් කරගත්තාය.
අනතුරුව ජයග්රහණය සඳහා ලකුණු 159ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි දකුණු අප්රිකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 126ක් පමණයි.