ලබන මස පළමු වනදායින් පසු එළවළු මිලෙහි ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසයි.
එහි පර්යේෂණ නිලධාරී දුමින්ද ප්රියදර්ශන මහතා කියා සිටියේ එම කාලය තුළ අස්වනු කාලසීමාවක් නොවන බැවින් මෙලෙස මිල වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි.
එසේම, පැවති අයහපත් කාලගුණ තත්වය මත එළවළු මිල ගණන්වල සුලු වෙනසක් පැවතියත් මේ දිනවල එළවළු මිලෙහි අඩුවීමක් දක්නට ලැබෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.