අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින්159,674 දෙනකු බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඔවුන් දිස්ත්‍රික්ක 16ක පදිංචි පවුල් 41,277 කට අයත් වූවන් වේ.
ජලගැලීම්, අධික සුළං සහ ගස් කඩා වැටීම් හේතුවෙන් එම තත්ත්වය මතුව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අයහපත් කාලගුණය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ, කොළඹ, පුත්තලම, කළුතර යන දිස්ත්රික්කයන්ට යි.