පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනට ප්‍රසිද්ධ කර නොමැති ජනාධිපති විමර්ශන වාර්තා දෙක ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම් තමන් ඒවා ප්‍රසිද්ධ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල කියයි.
ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඊයේ (14) දින ඔහු සඳහන් කළේ, එම වාර්තා අස්ථානගතවීමට ලක්ව හෝ පිටු ගැලවීමකට ලක්වී ඇති බවට පලවන වාර්තා අසත්‍ය බවයි.