බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට අයත් පවුල් 34,492ක පුද්ගලයින් 1,34,484 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.
කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර, කෑගල්ල, ගාල්ල, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, මහනුවර, පොලොන්නරුව සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලට වර්ෂාවෙන් බලපෑම් එල්ල වී තිබේ.
අයහපත් කාලගුණයත් සමග පුද්ගල මරණ තුනක් ද වාර්තා විය.
එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 08 කට නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේය.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ සහන සැලසීම හා මුදවා ගැනීමේ කටයුතු සඳහා ගුවන් යානා හා ඊට අදාළ භට පිරිස් ස්ථානගත කිරීමට පියවර ගෙන තිබේ.