පසුගිය ජනාධිවරණයේ දී සමගි ජන බලවේගය සමග ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම මෙවර මැතිවරණ ක්රියාවලිය තුලදී උල්ලංඝනය කර ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මෙම තත්ත්වය මත තමන් හෝ තම පෙරමුණේ නියෝජිතයකු කිසිදු දේශපාලන පක්ෂයකින් හෝ සන්ධානයකින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඉදිරිපත් නොවන බව ඔහු සදහන් කළේය. මෙම තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා එක්සත් ජනරජ පෙරමුණ ඊයේ දින විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණි