මාලදිවයිනේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා තම පූර්ණ සහාය ලබාදීමට ඉන්දියාව එකඟතාව පළ කර තිබෙන බව වාර්ථා වේ.
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු දින 5ක නිල සංචාරයක් සදහා ඉන්දියාවට පැමිණ ඇති අතර එහිදී ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇත්තේ තම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා සහාය දක්වන ලෙසයි.
ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක මූල්‍ය හුවමාරුවක් සදහා ඉන්දීයාව එකඟතාව පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.
ඊට අමතරව මාලදිවයිනේ ව්‍යාපාර හා මාලේ රුපි ශක්තිමත් කිරීමට අමතර ඩොලර් මිලියන 357ක මූල්‍ය හුවමාරුවකට ද ඉන්දීයාව කැමැත්ත පළ කර ඇති බව ද වාර්තා වේ.