මෙවර මහමැතිවරණයේදී පක්ෂ හයකට තරග කිරීමේ අවස්ථාව ලබා නොදීමට මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ, එම පක්ෂවල ලේකම් ධුරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කරගැනීමට අපොහොසත්වීම හේතුවෙන්.
ඒ අනුව ඊළවර් ප්රජාතන්ත්රවාදී පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, එක්සත් ලංකා මහා සභා පක්ෂය, ලංකා ජනතා පක්ෂය සහ ශ්රී ලංකා ප්රගතිශීලි පෙරමුණට එම අවස්ථාව අහිමි වනු ඇති.
මෙම ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කරගැනීම සඳහා පක්ෂ කිහිපයක නියෝජිතයන් කැඳවා සාකච්ඡා කළ බවත් ඒවා සාර්ථක නොවූ බවත් එම කොමිසම සඳහන් කළා.