ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී සිදු ව තිබේ.
පසුගිය ජනාධිපතිවරණයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් සිය හෘදයාංගම සුබපැතුම් පළ කළ ඉන්දීය මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට හැකි සෑම ආකාරයකින්ම සහාය දැක්වීමට ඉන්දියාව සූදානමින් සිටින බවද පවසා ඇත.
විශේෂයෙන්ම දූෂණයට එරෙහිව ඵලදායි ලෙස සටන් කිරීම සඳහා රාජ්‍ය පද්ධතිවල ඩිජිටල්කරණයේ වැදගත්කම පෙන්වාදුන් ඉන්දීය මහ කොමසාරිස්වරයා, ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති දූෂණ විරෝධී වැඩපිළිවෙළ ද අගය කර තිබේ.
ඉන්දීය මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාව කලාපයේ සාමකාමී සහ ස්ථාවර රාජ්‍යයක් ලෙස ඉස්මතු වනු දැකීම සිය රටේ ප්‍රාර්ථනාව බවත් ප්‍රකාශ කර තිබේ.