වාහන ආනයනයට ගෙන තිබූ තීරණයේ වෙනසක් නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
මහ බැංකුවේ ඊයේ කැදවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ ඊට අවශ්‍ය මුදල් සංචිත මහ බැංකුව සතුව පවතින බවයි.
මේ වසර තුළ ප්‍රතිපත්ති පොලී අනුපාත ද්විත්වය වෙනුවට එක් ප්‍රතිපත්ති පොලී අනුපාතයකට ගමන් කරන බවද ඔහු එහිදී සදහන් කළේය.