මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය උප සභාපති රිකාර්ඩෝ පුලිටි ජනාධිපතිතුමා වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩ සහාය ලබා දෙන බවට සහතික වී ඇති බව වාර්තා වේ.
රට තුළ වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම මෙන්ම සියල්ල ඇතුළත් වර්ධනයක් අත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නව පරිපාලනයේ නායකත්වයට ලෝක බැංකු සමූහයේ සහාය ලබාදීමට කැපවන බවද එහි සඳහන්ව තිබූ බව වාර්තා වේ.