ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇතුලු තවත් රටවල් කිහිපයක් සටන් විරාමයකට එකඟවන ලෙස ඉල්ලීම් සිදුකළද ලෙබනනයේ සිටින හිස්බුල්ලා සටන්කාමීන්ට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු තම හමුදාවට නියෝග කර තිබේ.
ඒ අනුව ඊයේ දිනයේද ඊශ්‍රායලය ලෙබනනයට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉන් 92දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.
පසුගිය සඳුදා සිට ඊයේ දිනය දක්වා සිදුකළ ප්‍රහාරවලින් 600 කට ආසන්න පිරිසක් මියගොස් තිබේ.