ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරැවා හැරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කළේය. ඊට අදාළව නිකුත් වී ඇති ගැසට් නිවේදනය එතුමා විසින් අත්සන් කරන ලදී.ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්විය යුතු බවට නියම කර තිබේ.
නව පාර්ලිමේන්තුව කැදවන දිනය ලබන නොවැම්බර් 21වන දා බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.මහ මැතිවරණය සදහා නාම යෝජනා භාර ගැනීමේ කාල සීමාව ලබන ඔක්තෝබර් 4 වනදා සිට 11 වනදා දහවල් 12 දක්වා ක්‍රියාත්මක බව එම ගැසට් නිවේදනයේ සදහන් වේ.