ගාසාහි දරුවන්ට පෝලියෝ එන්නත ලබාදීම සඳහා සටන් විරාම මාලාවකට ඊශ්‍රායලය එකඟ වී තිබේ.
ලබන 01 වැනිදා එම එන්නත්කරණ කටයුතු ආරම්භ කෙරෙන අතර, එය අදියර තුනකින් සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පැවසීය.
ඒ අනූව වයස අවුරුදු 10ට අඩු ළමුන් 640,000කට පමණ එන්නත් දෙක බැගින් ලබාදීමට සැලසුම් කර ඇති බවත්, එන්නත් මාත්‍රා මිලියන 1.26 ක් ගාසා වෙත ලබා දී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේය.