පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කරගන්නා මහ මැතිවරණය අද (14) පෙරවරු 7:00ට ආරම්භ කෙරුණි.
මෙවර මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888ක සංඛ්‍යාවක් තරග කරන අතර ඒ අතරින්, අපේක්ෂකයින් 5,006ක් පිළිගත් පක්ෂවලින් ඉදිරිපත් වී සිටියි.
ස්වාධීන අපේක්ෂකයින් සංඛ්‍යාව 3, 346කි.
ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කර ගන්නා මන්ත්‍රීවරු 29 දෙනා සඳහා අපේක්ෂකයින් 536ක් ඉදිරිපත්ව සිටියි.
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අද (14) උදෑසන 7:00සිට පස්වරු 4:00 ඡන්ද මධ්‍යස්ථාන 13,314කදී පැවැතවීමට නියමිතයි.
ඡන්ද ගණනය කිරීමේදී තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 4:15ට ආරම්භ කිරීමට නියමිත අතර සාමාන්‍ය ඡන්ද පස්වරු 7:15ට පමණ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.