10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය එළඹෙන 21 වැනිදා පෙරවරු 10ට පැවැත්වීමට නියමිත බව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව සැප්තැම්බර් මස 24 වැනිදා මධ්‍යම රාත්‍රියෙහි සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව නව සභා වරයා සඳහා පාර්ලිමේන්තුව නැවත රැස් වේ.
එදින පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම් පැවරෙන්නේ, පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙතයි.
පළමු සභා වාරයේදී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමක් සිදු නොවන අතර, ඒ අනුව රිසි අසුනක මන්ත්‍රීවරුන්ට අසුන් ගත හැකියි.
සභාවේ කටයුතු ආරම්භ වන්නේ, සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් අනතුරුවයි. පළමුව නව කතානායකවරයා තෝරා පත් කර ගැනීම සිදුවෙන අතර, පසුව කතානායකවරයා දිවුරුම් දෙයි.
ඉන් අනතුරුව මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදු වේ.නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත්කර ගැනෙන්නේද පාර්ලිමේන්තු ඡන්දයෙනි.