වසර 173 කට පසු ඇමරිකාවේ ෆ්ලොරිඩාවට හෙලන් සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.
පැයට කිලෝමීටර 225 ක වේගයෙන් හමා ආ සුළි කුණාටුව හේතුවෙන් ප්රදේශ රැසකට අධික වැසි ඇද හැලෙමින් පවතින අතර, ගං වතුර අවදානමක් ද මතුව ඇති බව එරට කාලගුණ අංශ සදහන් කළේ ය.
ෆ්ලොරිඩා හි අගනගරය වන ටලහසී හි 200,000කට ආසන්න පිරිසකට එමගින් බලපෑම් එල්ලවිය හැකි බව බලධාරීන් අනතුරු අඟවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
මේ වන විටත් පුද්ගල මරණ 3 ක් වාර්තා වී තිබේ.