හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් රජය දරණ වැය බර මුළුමනින්ම ඉවත් කිරීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ හා පනත් සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් බද්දේගම පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව පැවසීය.