හමාස් සංවිධානයේ නායක යාහියා සින්වාර් ඝාතනය කිරීමට සමත්වූ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කළේය.
හමාස් නායක යාහියා සින්වාර් ඝාතනය කිරීම ඊශ්‍රායල හමුදා ලැබූ විශිෂ්ඨතම ජයග්‍රහණයක් ලෙස අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යානු පෙන්වා දෙයි.
පසුගිය වසරේ ඔක්තෝම්බර් 7 වන දින ඊශ්‍රායල හා හමාස් සංවිධානය අතර යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායලය මෙතෙක් ලැබූ විශාලතම ජයග්‍රහණය ලෙසද මෙය හැදින්වේ.
ගාසා තීරයේ රෆා ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් ඔහු ඝාතනය කිරීමට සමත්වූ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කරයි.
ඊට අදාළ දර්ශන ද මාධ්‍ය වෙත නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිබේ.
යාහියා සින්වාර් ජීවිතක්ෂයට පත්වීම හමාස් සංවිධානයේ පසුබෑමට හේතුවනු ඇති බවට ද විශ්ලේෂකයින් පෙන්වා දෙයි. එහෙත් මෙය දෙපාර්ශ්වය අතර යුද ගැටුම්හි අවසානය නොවන බව ඔවුන් තවදුරටත් පවසයි