ස්පාඤ්ඤයේ වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඊසාන දිග ස්පාඤ්ඤයේ සරා ගෝසා නගරය ආසන්නයේ පිහිටා ඇති වැඩිහිටි නිවාසයක මෙම ගින්න හට ගෙන ඇත.
ගින්නෙන් තුවාල ලැබූ විශාල පිරිසක් රෝහල් ගත කර ඇති බව එරට මාධ්‍ය නිවේදනය කරයි.
ගින්න හටගන්නා අවස්ථාවේ එම වැඩිහිටි නිවාසය තුළ පුද්ගලයින් 82 නෙකු පමණ රැකවරණය ලබමින් සිටි බව වාර්තා සදහන් කරයි.