වෙළද පොළෙහි පාලන මිලට සහල් නොමැති වීම හමුවේ ජනතාව මුහුණ දෙන ගැටළු වලට අද සිට විසදුමක් ලබා දීමට සහල් මෝල් හිමියන් එකගතාවකට පැමිණ තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයා සහ සහල් මෝල් හිමියන් සමඟ ඊයේ (22) පැවති සාකච්ඡාවකදී එකග වී ඇත්තේ පාලන මිලට සහල් ලබා දීමටයි.
අදාල පාලන මිලට අනුව සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල වන්නේ ,
කීරි සම්බා කිලෝ ග්රෑම් 01 ක මිල රු.260 ක්
සම්බා කිලෝ ග්රෑම් 01 ක මිල රු. 230ක්
නාඩු කිලෝ ග්රෑම් 01 ක මිල රු. 220ක්
රතු කැකුළු කිලෝ ග්රෑම් 01 ක මිල රු. 210ක් ලෙසයි