2024 ජනාධිපතිවරණය සදහා සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අද සිය උපායමාර්ගික සැලැස්ම ජනගත කළේය.
ඒ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හෝටලයකදීය.
එහිදී සර්වජන බලය නියෝජනය කරන පක්ෂ නායකයින් ඩිජිටල් සන්නස මත දෑත තැබීමෙන් පසු උපාය මාර්ගික සැලැස්ම ජනගත කෙරුණි.
එය නම් කර ඇත්තේ,”එක්ව නංවන රටක් – සතුට පිරුණු දැයක්” සර්වජන අදිටන් සම්මුතිය ලෙසයි.
පිටු 66කින් සමන්විත මෙම උපාය මාර්ගික සැලසුම තුළින් ජාතික පුමුඛතා ලෙස අත්‍යාවශ්‍ය නිවැරදි කිරීම් ක්ෂේත්‍ර අටක් ඔස්සේ ඉදිරිපත් කර ඇත.