ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව පවසන ලෝක බැංකුව පෙන්වා දෙන්නේ මීට පෙර සිදු කල පුරෝකථනය අභිබවමින් මෙම වසරේදී ආර්ථිකය 4.4% දක්වා ළඟා වන බවයි.
වසරකට දෙවතාවක් ලෝක බැංකුව නිකුත් කරන දකුණු ආසියා සංවර්ධන ඇගයුම අනාගතය සඳහා විවෘත කිරීම යන වාර්තාව ඊයේ දින ඒළිදක්වනු ලැබීය.
ඒහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති අතර මීට පෙර සිදු කල පුරෝකථනය අභිබවමින් මෙම වසරේදී ආර්ථික වර්ධනය 4.4% දක්වා ළඟා වනු ඇති බවයි.
ඒමෙන්ම ලබන වසර සදහා ශ්‍රී ලංකාවට 3.5% ක මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් පුරෝකථනය කර ඇති බවයි.