විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කර තිබේ.
ඔහු එම තනතුරට පත්කර ඇත්තේ, ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි.
එමෙන්ම සභාපතිවරයා මෙන්ම උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන පී. උඩවත්ත ඇතුළු තවත් සාමාජිකයින් පසුගියදා (14) සිය ධුර වලින් ඉල්ලා අස්විය.
වත්මන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සාමාජිකයින්ගේ නිල කාලය ලබන වසරේ මාර්තු මාසයේ අවසන් වීමට නියමිතව තිබුණි’