විදේශ ගමන් බලපත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී කිසිදු ගැටලුවක් ඇති නොවන අතර මේ සතිය අවසන් වනවිට ගමන්බලපත්‍ර පෝලිම් අවසන් කරන බව, අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි .
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22)දින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.