2024 ඔක්තෝබර් මාසය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 587.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව ජනවාරි සිට ඔක්තෝබර් මස දක්වා ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,431.54කි.
එය පසුගිය 2023 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වූ මාස 10ක කාලයට සාපේක්ෂව 11.7%ක වැඩි වීමක් බවද මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.