විදෙස් ගමන් බලපත්‍ර 750,000ක් ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිතව ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
එසේම නොවැම්බර් මස අගදී ගමන් බලපත්‍ර 100,000 ක් හා දෙසැම්බර් මස තුළදී ගමන් බලපත්‍ර 150,000 ක් ලැබෙනු ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසිය.
විදෙස් ගමන් බලපත්‍ර මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය පිරිනමනු ලැබු විදෙස් ආයතනය සමග ඇති කර ගත් ගිවිසුම් ප්‍රකාරව ගමන් බලපත්‍ර 50,000 ක් මේ වනවිට ලැබී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ වනවිට දිනකට නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 1600 කි. ලබන මාසයේ මුල සිට එය ක්‍රමයෙන් වර්ධනය කර, අයැදුම්කරුවන් ඉල්ලුම් කරන ප්‍රමාණයටම සරිලන ගමන් බලපත්‍ර නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.