ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ගැටුම් තවදුරටත් වර්ධනය වුවහොත් Hormuz සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉන්ධන ප්‍රවාහන යාත්‍රා සඳහා ගමනාගමනයට බාධා එල්ලවිය හැකි බවයි.
ඉරානය සහ ඕමානය අතර පිහිටි මෙම මුහුදු මාර්ගය ලෝක ඉන්ධන වෙළෙඳාමට විශාල දායකත්වයක් ලබාදෙන අතර එය ඔස්සේ ලෝක ඉන්ධන සැපයුමෙන් 20%ක් පමණ ප්‍රවාහනය කෙරෙයි.