ලෙබනනයේ අගනුවර වන බෙරූට් ඇතුළුව නගර 25කට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබේ.
හිස්බුල්ලා සංවිධානයට ආධාර අනුබල ලබාදෙන බැංකු ඇතුළු මුල්‍ය ආයතන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවට ඔවුන් සදහන් කළේය.
ඊශ්‍රායලය ප්‍රහාරය එල්ල කරන බවට අනතුරු අගවා ඇති නගර 14ක් පිහිටා ඇත්තේ බේරූට්වලයි.
මෙම අනතුරු ඇගවීමත් සමග ඇතැම් නගරවල වැසියන් ප්‍රදේශය අතහැර ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරමින් සිටින බව විදෙස් වාර්තා සදහන් කළේය.