රේගු නිලධාරීන් සිය රාජකාරීයට අදාළ කටයුතු පමණක් සිදු කිරීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
රේගු වෘත්තීය සමිති සන්ධානයේ සභාපති අමිල සංජීව මහතා ඊයේ (13)දින පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශකර සිටියේ ය .
මේවන විට රට තුළ මැතිවරණයක් පැවැත් වෙන විශේෂිත කාලසීමාවක් බැවින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව රේගු වෘත්තීය සමිති සන්ධානය පවසයි.
මේ අතර රේගු අධ්යක්ෂ ජනරාල්වරයා ද අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල්වරුන් වන බලාත්මක,ආදායම් හා සේවා අංශ භාර නිලධාරීන් දැනුවත් කර තිබේ.
එහිදී දැනුම් දී තිබෙන්නේ බහාලුම් නිශ්කාශන කටයුතු විධිමත්ව පවත්වාගෙන යමින් රජයේ ආදායම් සුරැකීමට කටයුතු කරන ලෙසයි. එසේම පෙර පැවති ආකාරයට රේගු අංගනවල කටයුතු සිදුකරන ලෙසටත් ඡන්ද අයිතියට බාධාවක් නොවන ලෙසටත් කටයුතු කරන ලෙස රේගු අධ්යක්ෂ ජනරාල්වරයා අදාළ නිලධාරීන්ට අවධාරණය කර තිබේ.