මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව, මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට හෙට්ටිවීදිය ප්‍රදේශයේ කැරට් 24 රත්රන් මිල ගණන් රුපියල් 200,000 ඉක්මවා ගොස් ඇති අතර, කැරට් 22 රත්රන් මිලද රුපියල් 200,000 දක්වා ඉහළ ගොස් තිබේ.
ඔක්තෝම්බර් 31 වැනිදාවන විට හෙට්ටිවීදියේ කැරට් 24 රත්රන් මිල රුපියල් 220,000ක් ලෙස ඉතිහාසයේ ඉහළම අගය කර ඇති අතර, කැරට් 22 සඳහා මිල රුපියල් 200,000ක් ලෙස ඉහළම අගය වාර්තා කර තිබේ.