ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අන්තර් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙවර මහ මැතිවරණයට දේශපාලන පක්ෂයක් ලෙස හෝ සන්ධාන ගතව තරග නොකරන බවයි.
එමෙන්ම පසුගිය කාල සීමාව පුරා පාර්ලිමේන්තුව නියෝජනය කල ප්‍රධාන පෙලේ දේශපාලඥයින් රැසක් ද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකරන අතර මෙරට දේශපාලනයේ ප්‍රබල චරිතයක් වන ශ්‍රී ලංකා පොදු පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මෙවර මහ මැතිවරණයට තරග නොකිරීම මෙරට දේශපාලනයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් වේ.
මීට අමතරව ලක්ෂමන් කිරිඇල්ල, හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන , හිටපු රාජ්‍ය අමාත්‍ය ඩී .බී හේරත් , හිටපු රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් , චමල් රාජපක්ෂ , ගාමිණී ලොකුගේ, හිටපු අමාත්‍ය සී.බී. රත්නායක , එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු වූ අකිල විරාජ් කාර්යවසම් , සබරගමු පළාත් හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක යන අයද මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර තිබේ.
එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මහත් පරිශ්‍රමයෙන් ගොඩනැගූ ප්‍රතිපත්තිගරුක දේශපාලන මාවත ජනතාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඇත්තේ විශාල කම්පනයක් සහ කලකිරීමක් බවයි.
එබැවින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරපත් නොවන බව ඔහු එම නිවේදනයේ සඳහන් කර තිබේ.