දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්රියෙත් කොළඹ සහ තදාසන්න ප්රදේශ වලට තද වැසි ඇද හැලුණා.
ගෙවුණු පැය 24 තුල වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ල එල්ස්ටන් ප්රදේශයෙන් වාර්තා වනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ වාර්තාව අනුව කැළණි ගඟ නාගලගම්වීදිය සහ හංවැල්ල යන ජලමාපක වල සුළු ගංවතුර තත්ත්වයක් ලෙස දැක්වුණා.