මහ මැතිවරණය මුල් කර ගනිමින් ජාතික ජන බලවේගය දිස්ත්‍රික් මට්ටමින් පවත්වන පළමු රැළිය අද තංගල්ලේදී පැවැත්වීමට නියමිතයි. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
මැතිවරණය මුල්කර ගනිමින් මේ වන විටත් ප්‍රාදේශිය මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාර සිදු කරමින් සිටින බවද ජාතික ජන බලවේගය පැවසිය.
ප්‍රාදේශීය මට්ටමේ ජනතාව දැනුවත් කිරීමෙන් අනතුරුව සෑම දිස්ත්‍රික්කයකම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැළියක් පැවැත්වීමටද සැලසුම් කර ඇත.
ඒ අනුව හෙට දිනයේ දී කටුනායක නගරයේ සවස 3.00 ටත්, හෝමාගම නගරයේ පස්වරු 4.30 ටත් ජන රැලි පැවැත්වීමට නියමිත බව සඳහන්.