මෙවර මහ මැතිවරණයේදී 2024 ඡන්ද නාම ලේඛනයට අනුව ඒ ඒ දිස්ත්‍රික්කවලට හිමි මන්ත්‍රී ආසන වල වෙනසක් සිදුව තිබේ. ඒ අනුව ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට එක් මන්ත්‍රී ධුරය බැගින් එක්වී ඇති අතර, කොළඹ සහ යාපනයෙන් එක් මන්ත්‍රී ධුරය බැගින් අඩු වී තිබේ.
මේ අතර, 2023 ඡන්ද නාම ලේඛනයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාව 18ක් ලෙස දැක්වුණු අතර නව වැඩිවීමත් සමග එය දැක්වුණේ 19ක් ලෙසයි. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 11 දක්වා වැඩිවී ඇත. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රී ධුර 19ක් හිමිව තිබූ අතර, එය නව සංශෝධනයට අනුව 18ක් බවට පත්ව තිබේ.
මේ අතර මහ මැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් සංඛ්‍යාව සහ ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන නාමයෝජනා පත්‍රයේ සඳහන් විය යුතු අපේක්ෂකයන් සංඛ්‍යාව පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.