2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබේ.
ඒ අනුව, තැපැල් ඡන්ද සලකුණු කිරීම දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රයේ සියලුම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථාන හා පොලිසියට අදාළ කාර්යාල සඳහා ඔක්තෝබර්.30 සහ නොවැම්බර්.04 යන දෙදින සිදුකිරීමට නියමිත බව සඳහන් වේ.
එමෙන්ම, අනෙකුත් රජයේ ආයතන හා හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීම නොවැම්බර් 01 වන දා සහ 04 වනදා යන දෙදින තුළ සිදුකිරීමට නියමිතයි.
සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්රිකා සඳහා නැවත ලබා දෙන ලකුණු කිරීමේ දිනය ලෙස 2024 නොවැම්බර් 07 සහ 08 යන දෙදින නම් කර තිබේ.
තැපැල් ඡන්ද දායකයන්ගේ ලැයිස්තු සහතික කිරීම 2024. ඔක්තෝබර් 16 වන දින සිදුකරන අතර, තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑලට භාරදීම 2024. ඔක්තෝබර් 23වන දින සිදුකෙරෙන බව එම නිවේදනයේ සඳහන් වේ.