2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබේ .ඒ අනුව මෙතෙක් හෙක්ටයාරයකට ලැබුණු රුපියල් 15,000/-ක පමණ වූ පොහොර සහනාධාර දීමනාව රුපියල් 25,000/ දක්වා වැඩි කර තිබේ .මෙම සහනාධාරය ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මකයි.
කාර්යක්ෂම හා ඵලදායී ලෙස එම සහනාධාරය ගොවීන් වෙත ලබාදීම සඳහා අදාළ මුදල් සෘජුවම ගොවින්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කිරීමට කටයුතු කරයි.
නිවැරදි කෘෂි යෙදවුම් කළමනාකරණයක් අරමුණු කර ගනිමින් සාධාරණ මිලට පොහොර ඇතුළු කෘෂි යෙදවුම් ලබා දීම සහ යහපත් කෘෂිකාර්මික පිළිවෙත්වලට අනුව රසායනික හා කාබනික පොහොර ඇතුළු කෘෂි යෙදවුම් සඳහා සහනාධාර ලබා දීම පිළිබඳ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙන අතර ඒ අනුව මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ .
මේ අතර අඩාල වී ඇති ධීවර කර්මාන්තය නඟා සිටුවා නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජනාධිපතිතුමා විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරයක් මාසික පදනමින් ලබා දීමට කටයුතු කර ඇත.මෙම සහනාධාරය ද සෘජුවම ධීවරයින්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කරනු ලබයි .ඒ අනුව දැනට දැඩි පසු බෑමකට ලක් වී ඇති සමුද්‍රීය ධීවර කටයුතු යථාවත් කිරීම සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දීමට කටයුතු කරන බව සඳහන් වේ.