පාස්කු ප්රහාරය පිළිබඳව සාධාරණ පරීක්ෂණ සිදු කර රටේ ජනතාවට ඇත්ත හෙලිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
පාස්කු ප්රහාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා උපදෙස් ලබාදී ඇති බවද ඒ මහතා පවසා තිබේ.
ජාතික ජන බලවේගයේ ඊයේ කටුනායක පැවතී ජන රැලියට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.