2024 මහ මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසයි
2024 මහ මැතිවරණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ(12) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය .
මෙවර මහමැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 64,000ක් සෘජුව යොදවා ඇති අතර, තවත් පොලිස් නිලධාරින් 6000ක් පමණ පොරොත්තු සේවා සඳහා යොදවා තිබෙන බව සඳහන් වේ .
මැතිවරණ දිනයේදී නිසි අවසර ලබා නොගෙන ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීම වරදක් බවත්, එවැනි ක්‍රියා සංවිධානය කරන්නන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
ඡන්ද මධ්‍යස්ථාන හෝ ඡන්ද පොළ රාජකාරී කටයුතුවලට බාධා කරන පුද්ගලයින්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය .