විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ අර්බුදයට නිසි විසඳුමක් ලබාදීමට නම් විභාග දෙපාර්තමේන්තුව පුර්ණ ප්රතිසංවිධානයකට ලක්කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් උද්ගතවී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.